Thursday, October 4, 2012

මුළු ලොවම නැති උනත් - ටී.එම්.ජයරත්න

මුළු ලොවම නැති උනත් 
එකම හදවතක්
ඇත ඔබේ නාමයෙන් 
ඇත ඔබේ නාමයෙන් 

ඔබේ සෙවණෙහි රැඳී ඉන්නට
වරම් නැති වූ ලෝකයෙන්...
වෙන්ව සිටිනා හුදකලාවේ...
එකම එක හදවතක්
ඇත ඔබේ නාමයෙන්

ලොවේ දිනයෙක තනි වුණෝතින්
ඔබේ හද සෝ තාපයෙන්...
සොයා එන්නට සිටින කැපවී
එකම එක හදවතක්
ඇත ඔබේ නාමයෙන්









ලා රෝස නාමල් - Chillie ft Sineth

ලා රෝස නාමල් සඳුන් සුවඳින් 
හඳ නැහැවිලා
මා නෙතු බොඳවුනේ පිවිතුරු නුඹේ
සෙනෙහේ දැනිලා
දෑතින් අල්ලා ඔහේ යන්න පියඹා
මැව් හීනේ සිඳි මා තිනිවුනා

සොඳුරු මිහිරෙන් නුඹේ
නෙතු දිලි දියවිලා
සිත පුරා පෑව හද පුදා වින්ද
ආදරෙන් සැඟවුවා
දෑතින් අල්ලා ඔහේ යන්න පියඹා
මැව් හීනේ සිඳි මා තිනිවුනා

ඈත කඳු නිම්න්නයේ සිටියදී පියඹලා
පුංචි රන් පාට සමනළන්ලු රෑන
අද වගේ සිහිවුණා
දෑතින් අල්ලා මගේ සිතම සිඹලා
පෑ සෙනේ තියේ මා දිවිතුරා












මගෙ සිහිනය - නන්දා මාලනී

මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න
මගෙ සිහිනෙන් මා මුදන්න ළං නොවන්න...

සඳැස් විදා මොණරු නටති මේඝ වලා පාවේ
වලා වැලෙන් ගෙලේ වැටේ මලිතිය මල් මාලේ
සහ ගුම් බිඟු පේලි සැදී නගත මධුර නාදේ
මල් ගොමු තුළ නිල් පලු දළ යහන් නිබඳ සෑදේ...

ලවන් ඔඩම තුඩ තබමින් බොත රස මධු පානේ
සුරත් සහන් එළි දැල්වේ දෙනුවන් මිණි පානේ
ලඹ තුන් සපු දුණුකේ මැද පිපුණු එකම යායේ
ඇවිදිමු මුතු පබළු වැටෙන සිහිලැල් හඳ පානේ..
















දියලූම දිය ඇලි - මර්වින් පෙරේරා

දියලූම දිය ඇලි දිය රැළ හා
ගල ගල යයි සමුදුර සොයලා
හද උපදී ආදරේ - සැනසුම් තෙර සොයලා

අද නැති දේ හෙට මා සොයයි
හෙට හමුවී යළි ඈ සොයයි
ඔබ හමුවේ හද ගී ගයයි
ඔබ ඒ ගීතයෙ රාවයයි
සසර පුරා ඇසු ගීතයේ
රසයේ කිමිදී පැතුසේ

සඳවත කුමටද ඔබ නැති දා
හිරු නැග පල නැත ඔබ නැති දා
සඳ හිරු හා ආදරේ
මොකට ද ඔබ නැති දා

පියබර සිතුවිලි මුතු අමුණයි
සවනට සැනසිලි හඩ මුමුණයි
කැළඹෙන මේ ලෝකයේ
සහනය ඔබ පමණයි






හඩ – මර්වින් පෙරේරා
පද – පේ‍්‍රමකීර්ති ද අල්විස්
ස්වර - මර්වින් පෙරේරා













ඉවසයිද මන්දා - අතුල / සමිතා

ඉවසයිද මන්දා මා දුන් රිදුම්..
වෙන්වීලා ආ දා වෙනතක් බලන්..
උන්නාට මා රහසේ තුරුලක හෙමින්..
මට ඉන්න බෑනේ මතකෙට හොරෙන්..
තනියෙන්ම වින්දා දුන් දුක් සුසුම්..
තව කදුළු නෑ මේ දෙනෙතේ ඉතින්..
ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන්..
මට මාද නැතිවුනා සත්තයි හෙමින්..

ගොළු වෙච්ච තරු දෑසේ කදුළැල් උනන්නේ..
දරාගන්න බෑනේ මතකේ විලාපේ..
ආදරේ ඔබගෙන් තරම් ලැබුනෙ නෑ කාගෙන්වත්..
රැකගන්න බැරි උනේ සංසාර ආදරේ..
ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන්..
මට මාද නැතිවුනා සත්තයි හෙමින්..

මේ පාළු දුක් සිහිනේ අතරමං වෙලා බොහොසේ..
ආයෙ ගන්න බෑ ඒ සෙනෙහස ඔබේ..
ජීවිතය වැටුනු තරම් නැගිටගන්න බෑ ආයේ..
මැරි මැරි උපදී මේ සංසාර ආදරේ..
උන්නාට මා රහසේ තුරුලක හෙමින්..
මට ඉන්න බෑනේ මතකෙට හොරෙන්..









Wednesday, October 3, 2012

රෑ සිහිනේ - නාමල් උඩුගම


රෑ සිහිනේ....
ඔබ ලග මා සැනසෙනවා....
මා සැබැහින්......
ඔබ ගැන සිත ලතැවෙනවා........

මේ බැඳුනු සෙනෙ......
කෙදිනද මා පවසන්නේ
ආදරිය කියා.......
කෙලෙසද මා අමතන්නේ
අපේ ලොවේ කෙදිනද අප තනිවන්නේ.........

ඈ සනසවමින්
ගී වැල් ගයමි මේමා
ඒ මිහිරි ලොවේ
සැනසුම මා ලැබගන්නේ.........
කුමරියනේ කිමඳ මා ගැන නොසිතන්නේ........






කරදිය ගැඹරේ - එඩ්වඩ් ජයකොඩි


කරදිය ගැඹරේ  තුන්යම ගෙවුණේ
නුඹගේ දෑතට දිරිය වඩන්නයි
සුහුඹුල් අත් පා යදඬු කරන්නයි
කිරිකැටි පුතුනේ . . .
කිරිකැටි පුතුනේ . . .  

අව්වට වැගිරෙන දාඩිය වැස්සේ
කළුගල් කඩලා මහ මං තැනුවේ
නිවහල් ලොවකට නුඹට වඩින්නයි
කිරිකැටි පුතුනේ . . .
කිරිකැටි පුතුනේ . . .

දුම්රොටු අතරේ කම්හල් ඇතුළේ
දැති රෝදෙට ගත ජීවය දුන්නේ
නව මිනිසෙකු නව ලොවට පුදන්නයි
කිරිකැටි පුතුනේ . . .
කිරිකැටි පුතුනේ . . .  






මේ ඉරහඳ යට හමු වී - එඩ්වඩ් ජයකොඩි


මේ ඉරහඳ යට හමු වී
ආදරයෙන්
කතා කරපු අය සෙනේ වඩපු අය
ළඟ පාතකවත් නෑ 

අද නුඹ කොතැන ද අද මා කොතැන ද
දන්නේ නෑ නුඹ මටත් හොරා
ජීවන මහ මඟ සටන් වැදී ඇත
නාඳුනනා පෙම්වතුන් වෙලා

දැන හඳුනාගත් කාලේ ඉඳලා
ළබැඳි දයාවෙන් සිටිය නිසා
අප වෙනුවෙන් අප නමින් හෙළන්නට
හෙටටත් කඳුළක් ඉතිරි වෙලා





දෙවැනි බුදුන් ලෙස - සුනිල් එදිරිසිංහ


දෙවැනි බුදුන් ලෙස ලොවම උවම් කළ
ලොවක පිදුම් ලද ලොවට උතුම් ළද
අම්මා . . . අම්මා . . . අම්මා . . .

දෙසවන් සනහා මා නැළවූ ඔබ
මියුරු මියැසියේ අරුත කියා දුනි
ඒ මියැසිය අද මා ගයනා විට
මා සිප ගන්නට ඔබ මා ළග නැත
අම්මා . . . අම්මා . . . අම්මා . . .

ඇසට හඩන්නට කදූලැළි දුන් ඔබ
ලතැවුල් දරනා දිරිය ලබා දුනි
ඒ දිරියෙන් ලොව ජය ලබනා විට
මා සිප ගන්නට ඔබ මා ළග නැත
අම්මා . . . අම්මා . . . අම්මා . . .






කවිය ඔබ - දීපිකා ප්‍රියදර්ශනී පීරිස්‌


කවිය ඔබ . . .
තුන්තිස්‌ පැයක්‌ නිදිවරා වෙහෙසී
සිත දෙගිඩියාවෙන් තවම නොලියූ
කවිය ඔබ . . .
කවිය ඔබ . . .

පද එකින් එක ලියවා සිත කුරුටුගා මැකුවා
ඔබ ලියූ කවි කියවා මං අසරණව උන්නා 
යෞවනේ . . .
තනිකමක්‌ දැනෙනා මොහොතක
සිත ඉකි ගසා හැඩුවා

හොර ඇහෙන් ඉගි කරලා සද මගෙන් සමුගත්තා
කවි පොතම පොඩිකරදා නිදියන්න මට හිතුනා
යෞවනේ . . .
අත ළගින් හිදිනා මොහොතක
දුර ඈත බව දැනුනා






චන්න කින්නර ජාතකේ - කරුණාරත්න දිවුල්ගනේ


චන්න කින්නර ජාතකේ කිඳුරිය ලෙසින් 
නුඹ පෙම් බැඳන් මට ලංවුනා 
පෙම් බැඳන් ආ.. කින්නරාවි
මගේ ලඟින් ඉද වෙන්වුනා

ගෙට එන්ට පෙර කල කී කතා
උඩුගම් බලා ගියදෝ මේදා
විස හී සරේ පපුවට හෙලා
නුඹ නාටකේ වෙනසක් කලා

අත දරුවෝ ගෙන මහාගිරි දඹේ
තනිවම නගින්නද පෙම් කළේ 
රළු කාසියට හදවත් වැසේ
නුඹ සොයනවද බරණැස් පුරේ






මගෙ දුවේ නුඹ - කරුණාරත්න දිවුල්ගනේ


මගෙ දුවේ නුඹ අවදියෙන් නම්
මේ රැයේ මිහිරිම වෙලාවයි . . .
දොර ඇරන් එළියට ආවොතින්
මේ මිහිරි දේවල් නුඹටමයි . . .

සේපාලිකා මල් බිමට බැහැලා
ඇවිදින්න යන වෙලාවයි . . .
නිල් තරකා බිම බලාගෙන
වැව් දියට පැම් බැදි වෙලාවයි . . . 
මේ පොළොව කෙතරම් සුන්දරද
මගෙ දුවත් තනියෙන් හිනාවෙයි . . .

ඝන කළුවරට අප පෙම් කලොත්
ඉර හද තරුවලට අප ණය ගැතියි . . .
ලොව දුන්නු දේවල් අද අපිට
හෙට ලොවට පෙරලා දිය යුතුයි . . .
ඔබ මේ ලොවට ආදරෙයි නම්
මුළු ලොවම ඔබටත් ආදරෙයි . . . 






සිතින් විතරක්‌ පෙම් කරන්නම් - චාමර වීරසිංහ


සිතින් විතරක්‌ පෙම් කරන්නම්
දුරින් හිද ඔබ දෙස බලන්නම්
ළන්ව ඉන්නට බෑ ඔබේ
අපට අප හිමි නෑ ලොවේ
ඔබට මා හිමි නෑ
මටද ඔබ හිමි නෑ

නිසළ නෙතින් ඔබ මදෙස බලා හිදී
දෙතොල් ඔබගේ මදහසින් සැරසේ
දෙනෙත් ඔබ වෙත පා කරනු බෑ
දෙතොල් සිනහා මවනු මට බෑ
අපට අප හිමි නෑ ලොවේ
ඔබට මා හිමි නෑ
මටද ඔබ හිමි නෑ

සසල උනත් මගෙ සිතිවිළි ඔබ ළග
නිසළ කරන් මම ඉන්නම් සෑම දින
කාත් කවුරුවත් නොමැති මා හට
ඔබත් අහිමිව ගියපු අරුමය
අපට අප හිමි නෑ ලොවේ
ඔබට මා හිමි නෑ
මටද ඔබ හිමි නෑ






රන් මුදුවට වැටුනා - චන්දන ලියනාරච්චි


රන් මුදුවට වැටුනා කදුළු බිදක්‌
මගෙ දෙනෙතින් එක දවසක්‌
ඔබ වෙන්වුන දින සිට මේවනතෙක්‌
මා තැවුනා දහස්‌ වරක්‌
මට සිතෙන ලෙසට ඔබ හට ඇත්තේ
තෙතමනයක්‌ නොමැති සිතක්‌
ඔබ උරුම කළෙ ඇයි මට රිදවුම් දී
හිරු සදු නොමැත් ලොවක්‌

ඔබ සොයමින් පෙර භවේ පතාගෙන
කවදාවත් වෙන් නොවේ කියාගෙන
සපැමිණි බව හැගුනා . . .
ලබැදි වූ තරම් ඔබෙන් තොරව වෙන
ලොවක්‌ නැතයි සිතුනා . . .
ළෙංගතුකම දැනුනා . . .

සෙනෙහස මගෙ පපු තුරෙහි රුවාගෙන
හැමදාමත් ඔබ මගෙයි සිතා ගෙන
අප අතිනත් බැදුනා . . .
නමුදු මා පැතුව පැතුම් සියල්ලම
සිහිනයක්‌ව ගිය දා . . .
බැදි අතිනත් බිදුනා . . .




සද වී හදේ - දමිත් අසංක


සද වී හදේ පායන් ඉතින්
රන් තාරුකා මල් වැල් අරන්
මුදු සීත වැල අතරින් ඇවිත්
දෝතින් බදා සිපගමි සෙමෙන්
කදුළින් උපන් සෙනෙහේ නමින්
දිවි ඇති තුරා හැරදා හැරදා නොයම්


මේ රාත්‍රියේ දැනෙන තනිකම් ළගින්
ඔබෙ ආදරේ සුවද ගෙන එයි හෙමින්
සංසාරයේ පැතුව පැතුමක්‌ ලෙසින්
ඔබ ලං වුනේ හදට සුළගක්‌ ලෙසින්
පිදු ප්‍රේමයේ සොදුරු පිරිසිදු හදින්
දුක්‌ වේදනා දුරු වෙයි ඉතින්


මේ ජීවිතේ මිහිර පැතුවා සිතින්
එය හිමි වුනේ ළබැදි ඔබගේ නමින්
රැදුනා හදේ ඔබව සිතුවම් ලෙසින්
බැදුනේ පෙමින් ලොවට රහසින් ඇවිත්
පෙම් ලෝකයේ කිරුළ සුරතින් අරන්
එන්නම් සොයා සනසා නුවන්