රන් මුදුවට වැටුනා කදුළු බිදක්
මගෙ දෙනෙතින් එක දවසක්
ඔබ වෙන්වුන දින සිට මේවනතෙක්
මා තැවුනා දහස් වරක්
මට සිතෙන ලෙසට ඔබ හට ඇත්තේ
තෙතමනයක් නොමැති සිතක්
ඔබ උරුම කළෙ ඇයි මට රිදවුම් දී
හිරු සදු නොමැත් ලොවක්
ඔබ සොයමින් පෙර භවේ පතාගෙන
කවදාවත් වෙන් නොවේ කියාගෙන
සපැමිණි බව හැගුනා . . .
ලබැදි වූ තරම් ඔබෙන් තොරව වෙන
ලොවක් නැතයි සිතුනා . . .
ළෙංගතුකම දැනුනා . . .
සෙනෙහස මගෙ පපු තුරෙහි රුවාගෙන
හැමදාමත් ඔබ මගෙයි සිතා ගෙන
අප අතිනත් බැදුනා . . .
නමුදු මා පැතුව පැතුම් සියල්ලම
සිහිනයක්‌ව ගිය දා . . .
බැදි අතිනත් බිදුනා . . .
No comments:
Post a Comment